සෞදියෙන්, ලංකාව ඇතුළු රටවල් රැසකට සංචාරක තහනමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-12

සෞදියෙන්, ලංකාව ඇතුළු රටවල් රැසකට සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12කට සිය රටට ඇතුළුවීම වලක්වාලමින් සෞදි අරාබිය සංචාරක තහනමක් පනවා තිබේ.
 
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවල් 12කටත්, යුරෝපයේ බොහෝ රටවල් සඳහාත් තාවකාලික සංචාරක තහනමක් පැනවීමට තීරණය කර ඇත. 
 
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව, ජිබුටි රාජ්‍යය, සෝමාලියාව සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත්වේ.
 
එසේම අසල්වැසි ඉන්දියාවද සියලු සංචාරක වීසා බලපත්‍ර අත්හිටුවා තිබේ.  
 
මේ වනවිට රටවල් 123 කින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 4,600 ඉක්මවා තිබෙනවා. ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාධිතයනින් සංඛ්‍යාව 126,000 කට අධිකයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages