ලාංකීය දේශ­පා­ල­නයේ කාන්තා නියෝ­ජ­නය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-10

ලාංකීය දේශ­පා­ල­නයේ කාන්තා නියෝ­ජ­නය

සුරේකා නිල්මිණි ඉලං­ග­කෝන්

මෙරට ජන­ග­හ­න­යෙන් සිය­යට 52ක් කාන්තා­වන් වන අතර පිරිමි ප්‍රති­ශ­තය සිය­යට 48කි.

පිරි­මින්ට වඩා  රටේ ගැහැනු වැඩි­වු­වද ව්‍යව­ස්ථා­දා­ය­කය නියෝ­ජ­නය කරන මහ­ජන නියෝ­ජි­ත­ය­න්ගෙන් ඉතා වැඩි කොට­සක් ගැහැනු නොව  නොව පිරි­මින්ය.

ගැහැ­නිය නිවෙසේ  බිත්ති හත­ර­ටත් කුස්සිය මුල්ල­ටත් කොටු කර සිටි යුග­යක් ද මීට  අඩ­සිය වස­කට පමණ පෙර  මෙරට විය. 

එම යුගය නිමා­ක­ර­මින් මෙරට දේශ­පා­ලන ක්‍ෂේත්‍රයේ රන් සල­කු­ණක් තබ­න්නට එක්තරා කාන්තා­ව­කට හැකි­විය. ඒ සිරි­මාවෝ බණ්ඩා­ර­ණා­යක මැති­නිය ලෝකයේ ප්‍රථම අග­මැ­ති­නිය බවට පත්වී ගිනස් වාර්තා­වක්ද පිහි­ටු­වී­මෙන් පසු­වය.

එප­ම­ණක් නොව ඇය මෙරට  ප්‍රථම විපක්‍ෂ නායි­කාව විය.

ඉන්දි­යාවේ ඉන්දිරා ගාන්ධි,  පකි­ස්තා­නයේ බෙනා­සිර් භූතෝ,  බංග්ලා­දේ­ශයේ ඛලී­ඩා­ෂියා හා ෂිල් හසීනා,  එංග­ල­න්තයේ මාග්‍රට් තැචර්,  ඊශ්‍රා­ය­ලයේ ගෝලාඩා මෙයර්,  ඉන්දු­නී­සි­යාවේ සුඛර්ණෝ පුත්‍රි ආදීන් පවා ඒ රට­වල රාජ්‍ය නාය­ක­ත්ව­යට පත් වූයේ ඉන්ප­සු­වය.

සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය මෙරට දේශ­පා­ලන ක්ෂේත්‍රය තුළ එවැනි රන් සල­කුණු සට­හන් කිරීම දක්වා ආ ගමන මල් මාව­තක් නම් නොවීය.

ශ්‍රී ලංකාවේ කාන්තා­වන්ට මැති සබ­යට එන්නට වරම් ලැබුණේ  1927  දී මෙර­ටට පැමිණි ඩොන­මෝර් කොමි­සම තුළින් 1931  දී සර්ව­ජන ඡන්ද බලය ලැබීම නිසාය.

ඩොන­මෝර් ආණ්ඩු­ක්‍ර­මය තුළ ව්‍යව­ස්ථා­දා­ය­කය රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හදු­න්වනු ලැබූ අතර ඇඩ්ලින් මොල­මුරේ මහ­ත්මිය එයට පත්වූ පළමු කාන්තා මන්ත්‍රී­ව­රි­යයි. නේසම් සර්ව­න­මුත්තු නම් දෙමළ ජාතික වෛද්‍ය­ව­රිය එයට පත්වූ දෙවැනි කාන්තාව විය.

රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රම­යෙන් අන­තු­රුව 1947  දී ක්‍රියා­ත්මක වූ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව යටතේ 1947 සිට 1970 දක්වා කැබි­නට් මණ්ඩල සංශෝ­ධන 13ක් සිදුව ඇති අතර 1956 එස්. ඩබ්.ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මහ­තාගේ අග­මැති ධුර­යෙන් යුතු කැබි­නට් මණ්ඩ­ලය දක්වාම එහි කාන්තා  නියෝ­ජ­න­යක්  දක්නට නොලැ­බිණ. 

1956 මැති­ව­ර­ණ­යේ දී කාන්තාවෝ පස් දෙනෙක් තරග කළ අතර ඉන් සිවු දෙනෙක්ම ජය­ගත්හ.  

එහි දී නිද­හස් ලංකාවේ පළමු ඇම­ති­ව­රිය ලෙස විර­දා­වලි ලබ­මින් මීරි­ග­මින් තරග කළ විමලා විජේ­ව­ර්ධන මහ­ත්මිය සෞඛ්‍ය ඇමැ­ති­ව­රිය බවට පත්වූ­වාය.

ඇයට අම­ත­රව උතුරු කොළ­ඹින් විවි­යන් ගුණ­ව­ර්ධන, අවි­ස්සා­වේල්ල ආස­න­යෙන් ක්ලෝඩා ජය­සූ­රිය සහ කිරි­ඇ­ල්ලෙන් කුසුමා ගුණ­ව­ර්ධන යන කාන්තා­වන්  ජය­ග්‍ර­හ­ණය කළහ. 

1956 සැප්තැ­ම්බර් 25 වැනිදා අග­මැති බණ්ඩා­ර­නා­යක මහතා ඝාත­නය කිරී­මෙන් පසු සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යට පත්කළ මන්ත්‍රී­ව­රි­යක වීමේ වරම ලැබුණි.

1960 මාර්තු මැති­ව­ර­ණ­යෙන් කාන්තාවෝ තිදෙ­නෙක් ජය­ග්‍ර­හ­ණය කළ අතර 1960 ජූලි මැති­ව­ර­ණය මෙහෙ­ය­වූයේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යයි. ඒ වන විට ඇය ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂයේ නායි­කාව ලෙස කට­යුතු කළාය.

1965 මහ මැති­ව­ර­ණ­යේ දී කාන්තාවෝ සිව් දෙනෙක් හය­වැනි පාර්ලි­මේ­න්තු­වට සම්බන්ධ වූහ. බණ්ඩා­ර­නා­යක මැති­නිය ප්‍රථම වරට අත්ත­න­ගල්ල ආස­න­යට තරග කොට වාර්තා­ගත වැඩි ඡන්ද සංඛ්‍යා­වක් ලබා පාර්ලි­මේ­න්තු­වට පැමි­ණි­යාය.

1970 ඇර­ඹුන හත්වැනි පාර්ලි­මේ­න්තු­වට  බණ්ඩා­ර­නා­යක මැති­නිය ඇතු­ළුව කාන්තාවෝ හය දෙනෙක් තේරී පත්වූහ. අත්ත­න­ග­ල්ලෙන් ජය­ගත් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය දෙවන වර­ටද ශ්‍රී ලංකාවේ අග­මැ­ති­නිය වූවාය. 

1947 සිට 1977 දක්වා කාන්තා­වන් තරග කළ අවස්ථා 78 ක් වන අතර අවස්ථා 25 ක දී ඔවුහු ජය­ග්‍ර­හ­ණය කර තිබේ.

බොහෝ වාර­යක් තරග කළ කාන්තා දේශ­පා­ල­ඥ­ව­රි­යන්ද සිටින අතර  ඒ අතර  විවි­යන් ගූණ­ව­ර්ධන සහ කුසුමා ගුණ­ව­ර්ධන අට වරක් බැගින්,  විමලා කක්න­න්ගර හය වරක්,  තමරා ඉලං­ග­රත්න පස් වරක්,  කුසුමා රාජ­රත්න හතර වරක්,  සිරිමා බණ්ඩා­ර­නා­යක තුන් වරක් සහ කුසලා අභ­ය­ගු­ණ­ව­ර්ධන දෙව­රක් බැගින් වේ. 

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ වැඩිම කාන්තා නියෝ­ජ­න­යක් සිදුව ඇත්තේ නව වැනි පාර්ලි­මේ­න්තු­වේය. 1994 වර්ෂ­යේ දී මෙරට දස­වැනි පාර්ලි­මේ­න්තුව පත්වූ අතර එම  මැති­ව­ර­ණ­යෙන් මෙරට දෙවැනි අග­මැ­ති­නි­යද බිහි­වූ­වාය.

ඒ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යයි. එසේම ඇය ලෝක­යේම අග­මැ­ති­ව­රුන් දෙදෙ­නෙ­කුගේ දිය­ණිය වශ­යෙන්ද ඉති­හා­ස­යට එක්වේ.

වසර දෙක­ක­ටත් අඩු කාල­යක් තුළ දී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නිය බස්නා­හිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති පද­වි­ය­ටත් අග­මැති පද­වි­ය­ටත් ඉන්පසු විධා­යක ජනා­ධි­ප­ති­නිය බව­ටත් පත්වූ­වාය.

2004 පැවැති 13 වන පාර්ලි­මේ­න්තුව ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ තවත් සන්ධි­ස්ථා­න­යක් විය. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය යටතේ පිහිට වූ මෙම පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී මණ්ඩ­ලයේ කාන්තා­වන් 11 ක් විය.

මෙරට  දේශ­පා­ල­නය තුළ කාන්තා නියෝ­ජ­නය පිළි­බද කතා කිරී­මේ දී කැපී පෙනන මූලික කරු­ණක් වන්නේ මෙරට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ කාන්තා­වන් වැඩි­දෙ­නකු දේශ­පා­ලන පවු­ලක සාමා­ජි­කා­වක වීම හා සිය පියා,  සොහො­යුරා හෝ ස්වාමි­යාගේ ඇවෑ­මෙන් දේශ­පා­ල­න­යට පිවිස ඇති බවයි.  

ස්වාධී­නව තම­න්ගේම නාය­ක­ත්ව­යක් ඔස්සේ දේශ­පා­ල­න­යට පිවිස ඇත්තේ ඉතා­මත් සුළු පිරි­සකි.

මෙරට මෑත දේශපාලන ඉතිහාසය තුළ නිරූපමා රාජපක්ෂ,  කමලා රණතුංග, පවිත්‍රාදේවි වන්නිආරච්චි,  තලතා අතුකෝරල, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රෝසි සේනානායක, මාලනි ෆොන්සේකා වැනි කාන්තා චරිත රැසක් හමුවේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages