මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දැනුම් දෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-12

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දැනුම් දෙන්න

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
දුරකථන අංක 011 2886179, 011 2886421 හා ෆැක්ස් අංක 011 2886551 ඔස්සේ පැමිණිලි දැනුම් දිය හැකිය. 
 
එළඹෙන මහ මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම අද(12) ආරම්භ වූ අතර එය ලබන 19වනදා මධ්‍යහ්න 12.00ට අවසන් වේ. 
 
මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක්කෝටි හැටදෙලක්‍ෂ හැටතුන්දහස් අටසිය අසූපහකි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් 196ක් තෝරා ගැනීමට නියමිතය. ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 29කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages