මාර්තු අවසන්වන තෙක් දේව මෙහෙයන් නතර කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

මාර්තු අවසන්වන තෙක් දේව මෙහෙයන් නතර කරයි

මාර්තු මස අවසන් වන තුරු ඉරිදා දේව මෙහෙයන් හා විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් පැවත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.
 
අගරදගුරු නිල නිවසේ අද (14) පැවැති මාධ්‍ය හමුවක දී  උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
 
මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages