කෙටිකතා වැඩමුළුවක් හෙට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-13

කෙටිකතා වැඩමුළුවක් හෙට

සිළුමිණ පුවත්පතේ 90 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වන එක්දින කෙටිකතා වැඩමුළුව හෙට(14) පෙරවරු 9.00ට කොළඹ 07 ජාතික පුස්තකාල ප්‍ර ලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.
 
මෙම වැඩමුළුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ ලංකා ලේඛක සංවිධානයේ සහාය ඇතිව මෙහෙයවනු ලබන්නේ සිළුමිණ පුවත්පත මගිනි.
 
මෙම  වැඩමුළුවේ මුලසුන සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා මහතා හොබවන අතර සාහිත්‍යවේදීන් වන කමල් පෙරේරා, කීර්ති වැලිසරගේ, කපිල කුමාර කාලිංග සහ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ යන මහත්වරු දෙසුම් පවත්වති. 
 
සමාරම්භක උත්සවය පැවැත්වෙනුයේ ලේක්හවුස් ආයතනයේ නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන සහ පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන යන මහත්වරුගේ සහභාගීත්වයෙනි. වැඩමුළුව පිළිබද වැඩි විස්තර දුරකථන අංක  011-5234384 විමසිය හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages