කොරෝනා පාලනයට මෙරට බුද්ධි අංශයේ සක්‍රීය දායකත්වයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

කොරෝනා පාලනයට මෙරට බුද්ධි අංශයේ සක්‍රීය දායකත්වයක්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බුද්ධි අංශ මෙහෙයුම ඉතා පුළුල් ලෙස දියත් කෙරෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පවසයි. 
 
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත චීන කත හදුනාගත් පසු මෙම යාන්ත්‍රණය වඩාත් වේගයෙන් දියත් වූ බවත් පසුව දෙවැනි ආසාදිතයා ලෙස මෙරටින් වාර්තා වූ සංචාරක මගපෙන්වා හදුනා ගැනීමත් සමඟ එය තව තවත් වේගවත් කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා බුද්ධි අංශ කටයුතු කර තිබේ. 
 
කොරොන් පාලනය සදහා වූ බුද්ධි අංශ යාන්ත්‍රාණය දියත් කරන විට කොටස් 04කට එය හඳුනාගත් බව පරාක්‍රම ද සිල්වා මහතා පැවසීය. සංචාරක මඟ පෙන්වන්නන් සහ රියැදුරන් වශයෙන් පිරිසක්ද, විදේශ රටවලට ගොස් පැමිණි ආසාදිතයින්, ශ්‍රී ලාංකික නොවන විදේශයෙන් පැමිණි පිරිස සමඟ ආශ්‍රය කර ආසාදනය වූ පිරිස් සහ ශ්‍රී ලංකාව තුළ වෙනත් කණ්ඩායම් ආසාදිත වූ පාර්ශව හදුනාගෙන මේ හරහා ව්‍යාප්ත විය හැකි සෑම පාර්ශවයක්ම හදුනා ගැනීමට බුද්ධි අංශ සමත්ව ඇත. 
 
ඒ අනුව මේ හරහා හඳුනාගත් පුද්ගලයින් එකොළොස් දහස් අටසිය හතලිස් අට දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.
 
අප රටට අනන්‍ය වූ යාන්ත්‍රණයක් තුළ මෙම වැඩපිළිවෙල දියත් කිරීම තුළින් අපට මෙය පාලනය කිරීමේ හැකියාව පවතින බව ද රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages