ප්‍රමාණවත් තිරිඟු පිටි තිබෙනවා - ප්‍රීමා සමාගම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-23

ප්‍රමාණවත් තිරිඟු පිටි තිබෙනවා - ප්‍රීමා සමාගම

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම  අවධාරණය කරයි.

ප්‍රීමා සමාගම මෙරට ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදක සමාගමක් වන අතර ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වෛරස තත්ත්වය හමුවේ වුව ද ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිමට සමාගම කැපවී සිටින බව ඔවුන් පවසියි.

දැඩි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන තත්ත්වයක් හමුවේ වුව ද රජයේ සහයෝගය ඇතුව ගොඩබිමින්, දුම්රිය මාර්ග සහ සමුද්‍රීය බෙදාහැරීම් ජාලය ඔස්සේ තිරිඟු පිටි බෙදා හැරීමට ප්‍රීමා සමාගමට හැකි බව ද එම සමාගම දන්වා සිටී.

එමගින් මෙරට පාරිභෝගිකයන්ට මෙන්ම, බේකරි සහ වෙනත් තිරිඟු පිටි ආශ්‍රිත කර්මාන්තවලට අඛණ්ඩව තිරිඟු පිටි සැපයෙනු ඇති බවත් මෙම කාලය තුළ තිරිඟු පිටිවල කිසිඳු හිඟයක් ඇති නොවන බවත් ඔවුහු අවධාරණය කරති.

තවද, මාස 3 ක් සඳහා දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් තොග එම සමාගම සතුව පවත බවත් රටේ ආහාර සුරක්ෂිතතාව යළි යළිත් තහවුරු කරන අතර  මෙරට ජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය තිරිඟු පිටි අඛණ්ඩව ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම සහයෝගය ලබා දෙන බවද ඔවුන් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages