ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී - වාර්තාව මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-22

ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී - වාර්තාව මෙන්න

පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් කාලයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනකු රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ඔහු පැවසීය.

අද දිනයේ මේ දක්වා කාලය තුලදී කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයෙකු පමණි.

අවසන් පැය 24ට රෝගින් 06යි

අද පෙරවරු 10.00ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දෛනික වාර්තාව නිකුත් කර ඇත.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 77 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 222 දෙනෙකු පරීක්‍ෂාව සදහා රෝහල්වල රදවා ඇත.

අද වාර්තාව මෙසේය.




No comments:

Post a Comment

Post Bottom Ad

Pages