සැඟව සිටි ඉන්දියානු සංචාරක මඟපෙන්වන්නෙකු සොයා ගැනේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

සැඟව සිටි ඉන්දියානු සංචාරක මඟපෙන්වන්නෙකු සොයා ගැනේ

ඉන්දියානු ජාතිකයින් සමග මෙරට සංචාරයේ නිරත වු අනුරාධපුර- මිහින්තලේ  ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ  සහ දරුවෙකු පංදිචිව සිටි නිවසක් අද (21) නාඋල පොලීසිය විසින් වැටලූ බව වාර්තා ‌‌‌වේ.

ඊයේ (20) සවස පැමිණ ඇති මෙම පිරිස නාඋල - පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට පොලීසියට තොරතුරු ලැබි තිබේ.

නාඋල පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා විසින් අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලදී හෙළි වූයේ අදාළ  සංචාරක මඟපෙන්වන්නා සමග ඔහුගේ පවුලේ අය ඊයේ පස්වරුවේ පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ ඥාති පුද්ගලයෙකුගේ නිවසට පැමිණ ඇති බවයි.

අදාළ  නිවැසියන් හා එම නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් නාඋල පොලීසියේ නිලධාරින් දැඩි අවවාද කළ අතර ඔවුන් ඊයේ (20) පස්වරුවේ සිට අද (21) දහවල් දක්වා කිසිදු නිරෝධායන කටයුත්තකට යොමු නොමැති බව මෙහිදි අනාවරණය විය.

ඇඳිරිනිති සමයක වෙනත් ප්‍රදේශයකට සංචාරයක නිරතවීම මෙන්ම විදෙස් සංචාරයන් ඇසුරුකර සෙසු පුද්ගලයින් ඇසුරු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් කිසිදු වගකීමකින් කටයුතු නොකිරීම පිළිබදව පොලීසිය විසින් අදාළ  පාර්ශවයන්ට අවවාද කළ අතර පිරිස එම නිවස තුළම ස්වයං නිරෝධායනයකට  ලක් කිරිමට කටයුතු කරන ලෙස ද පොලීසිය දන්වන ලදි.

නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක යු.ජි.පි.කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් හා නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය මෙන්ම ප්‍රදේශ භාර ග්‍රාමනිලධාරිවරයාගේ මැදිහත් වීම යටතේ අදාළ  සංචාරක මගපෙන්වන්නා ඇතුළු පිරිස රැදි සිටි නිවසට අමතරව සෙසු නිවාස වලට ගමන් කර ඇත්ද යන්න පිළිබද පුළුුල්  පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages