ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 05 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 05 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් පුද්ගලයන් ප්‍රමාණය මේ වනවිට මිලියන 05 ඉක්මවා තිබේ.
 
සමස්ත ලෝක ජනගහනයෙන් සෑම මිලියනයකින්ම පුද්ගලයන 641 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇතැයි සදහන් වේ. සෑම මිලියනයකට පුද්ගලයන් 42 දෙනෙකු වෛරසයට බිලි වී සිය ජීවිතය අහිමි කරගෙන තිබේ.
 
මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5,000,280 කි. වාර්තා වන පුද්ගල මරණ ප්‍රමාණය 325,151 ක් බව සදහන්වේ.
 
ආසාදිතයන් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 02 වැනිදා වන අතර එම ප්‍රමාණය දෙගුණයක් හෙවත් මිලියන 02 දක්වා ඉහළ යාම සඳහා ගත වූයේ දින 13 ක කාලයක් පමණි. තවත් දින 12 ක් ගතවන විට ආසාදිතයන මිලියන 03 ඉක්මවා ගිය අතර දින 13 කදී මිලියන 04 ඉක්මවා ගිය අතර මිලියන 05 දක්වා එම ප්‍රමාණය වැඩිවීම සඳහා ගත වී ඇත්තේ දින 12 ක කාලයක් පමණි.
 
මේ වනවිට වැඩිම ආසාදිතයන් ප්‍රමාණක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපද‍යෙන් වන අතර එම ප්‍රමාණය 1,570,583 කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages