ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10ක් නාවික හමුදා සාමාජිකයන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-10

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10ක් නාවික හමුදා සාමාජිකයන්

අවසන් වරට ඊයේ මෙරටින් වාර්තා වු කොවිඩ් 19  ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
අනෙක් ආසාදිතයින් ‍දෙදෙනා නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකි.
 
මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත  ගණන 847වේ.
 
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 කි.
 
සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260 ක් වන අතර වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages