ජුනි 20 මහ මැතිවරණය පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

ජුනි 20 මහ මැතිවරණය පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දෙයි

දැනට පවතින තත්ත්වය අනුව ජුනි මස  20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දෙයි.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නීතිඥවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව අද(20) දැනුම් දී තිබේ.
 
කොරෝනා වෛරසරයට අදාළව කටයුතු කරන සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුනහොත් මහමැතිවරණය ජුනි මස 20 වනදා පසුවී සති 09 ත් සති 11 ත් අතර කාලයේදී පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages