කෝටි 225ක කුඩු ගෙන්නු දුරකථන හිර මැදිරිවලින් හමුවෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

කෝටි 225ක කුඩු ගෙන්නු දුරකථන හිර මැදිරිවලින් හමුවෙයි.

පසුගියදා කඳානේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 225ක හෙරොයින් තොගය  ‘කොස්ගොඩ තාරක’ ඇතුළු  කල්ලියක විසින් බන්ධනාගාරය තුළ සිට මෙහෙයවා රැුගෙන ආ බව හෙළිකර ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එම ජාවාරම ක‍්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කළ නවීන පන්නයේ ජංගම දුරකථන පහක් ද සිරමැදිරිවල සඟවා තිබියදී සොයා ගෙන ඇත.

මෙම හෙරොයින් ජාවාරමේ මහමොළකරු බව කියන කොස්ගොඩ තාරක රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක සඟවා තිබූ ජංගම දුරකථන 4ක්ද ඊට සම්බන්ධ තවත් ඡුාවාරම්කරුවකු බව කියන කැමිලස් නමැත්තා රඳවා සිටි මහර බන්ධනාගාරයේ සිර මැදිරියක සඟවා තිබූ තවත් ජංගම දුරකථනයක් ද සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම ජංගම දුරකථන සොයාගැනීමෙන් පසු හෙරොයින් ජාවාරම මෙහෙය වූ බව කියන කොස්ගොඩ තාරක සහ කැමිලස් නමැති අපරාධකරුවන් දෙදෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.

The post කෝටි 225ක කුඩු ගෙන්නු දුරකථන හිර මැදිරිවලින් හමුවෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages