ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 528ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 528ක් අත්අඩංගුවට

මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 61621 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322 කි.
 
මේ අතර ඊයේ (21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 528 ක් හා වාහන 150 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 18496 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇත.
 
එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6991 ක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages