විදෙස් ගත ලාංකිකයින් 38,983ක් යළි පැමිණිමට ඉල්ලීම් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

විදෙස් ගත ලාංකිකයින් 38,983ක් යළි පැමිණිමට ඉල්ලීම් කරයි

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 38,983 දෙනෙකු දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.
 
රටවල් 143 ක වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් එලෙස ඉල්ලූම් කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කළේය. එලෙස දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කළ පිරිස අතර සිසුන් 3,078 දෙනෙකු දවේ. 
 
විදෙස් ගත ශ‍්‍රමිකයින් 27,854 දෙනෙකු සහ කෙටි කාලීන වීසා මත විදෙස්ගත වූ පුද්ගලයින් 4,040 දෙනෙකු ද, දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කළ බව අමාත්‍යංශය සදහන් කළේය.
 
එම අමාත්‍යංශය හඳුන්වාදුන් ‘‘Contact Sri Lank’’ වෙබ් අඩවිය ඔස්සේ දිවයිනට පැමිණීම සඳහා විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 78,033 දෙනෙකු ලියාපදිංචි වී සිටියි. 
 
අවශ්‍යතා සලකා බැලීමෙන් පසු ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages