අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.8ක COVID-19 ආධාරයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.8ක COVID-19 ආධාරයක්

අමෙරිකා එක්සත් ජනපදය සිය ගෝලීය COVID-19 ආධාරයේ කොටසක් ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.8 කට වැඩි ආධාර ලබා දෙයි.
 
COVID-19 අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් ප්‍රදේශ සහ ජනතාව සඳහා සමාජ සේවා වැඩි කිරීම සඳහා සමාජයට ඇති විශේෂිත තර්ජනවලට විසඳුම් සෙවීම සඳහා මෙම අදාරයෙන් මිලියන 02ක ප්‍රමාණයක් යොදවනු ඇත. 
 
එසේම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් ශක්තිමත් කිරීම සහ කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය වැඩි කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 2 ක් යෙදවේ. 
 
ශ්‍රී ලංකා රජයට රසායනාගාර පද්ධති සකස් කිරීම, ආසාදිතයින් සොයා ගැනීම සහ සිදුවීම් පදනම් කරගත් නිරීක්ෂණ සක්‍රීය කිරීම, ප්‍රතිචාර සහ සූදානම සඳහා තාක්ෂණික විශේෂඥයින්ට සහාය වීම, අවදානම් සන්නිවේදනයන් සිදු කිරීම, බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ආධාර වශයෙන් ඩොලර් මිලියන 1.3 ක් ඇතුළත් වේ. 
 
 
මීට අමතරව වසංගත සමයේදී ශ්‍රී ලංකාවේ අවදානමට ලක් වූ පුද්ගලයින්ට, සරණාගතයින් සහ සංක්‍රමණිකයින් සදහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් 590,000 ක් වෙන් කර තිබේ.  
 
මෙම අරමුදල් කෙටි කාලීන හා දිගු කාලීනව වසංගතයේ දෙවන පෙළ බලපෑම් පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් භාවිත කරනු ඇත. 
 
පසුගිය වසර 20ක් තුළ ශ්‍රී ලංකාව සදහා අමෙරිකා එක්සත් ජනපද ආධාර ඩොලර් බිලියන 01කට වඩා වැඩියෙන් පරිත්‍යාග කර ඇති අතර එයට සෞඛ්‍ය අංශ සඳහා යෙදවීමට ඩොලර් මිලියන 26ක් ඇතුළත් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages