ඇඳිරි නීතිය කඩ කළ 62,677ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-24

ඇඳිරි නීතිය කඩ කළ 62,677ක් අත්අඩංගුවට

අද(24) උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 152ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
 
දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ  ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 62,677 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
එම කාලය තුළ රථවාහන 17,612ක් සිය භාරයට ගෙන තිබේ.
 
ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7661 දෙනෙකුට දඬුවම් නියම කර ඇති බව සදහන් වේ.
 
මේ වන විට ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 19,582 දෙනෙකුට නඩු පැවරා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages