අමෙරිකාවේ මරණ 90.000 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

අමෙරිකාවේ මරණ 90.000 ඉක්මවයි

17 මැයි, 2020

අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද (17) 90,000 ඉක්මවා ඇත.

ඒ ඊයේ (16) දිනයේදී වාර්තාවූ මරණ 1,218 ත් සමගින්.

අද වනවිට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 47 ඉක්මවන අතර වාර්තාවන මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ දොළොස් දහසකට අධිකයි.

කොවිඩ් වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව අද අනූදහස ඉක්මවා ඇත.

ගතවූ පැය 24 දී එරටින් වාර්තා වූ මරණ 1,218 ත් සමග එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 90,113 ක්.

සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 15 ඉක්මවා ගොස් තිබේ.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයන් හමුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පිටතට යන පුද්ගලයන් අතරින් නොව සාප්පු සවාරි, ව්‍යායාම හෝ වෙනත් කටයුතු සඳහා නිවෙස්වලින් බැහැර යන පුද්ගලයන් අතරින් බව ආණ්ඩුකාර ඇන්ඩෘ කූමෝ පවසයි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages