ජනතාවට ආශිර්වාද පතා ජ්වර පිරිත් දේශනාව ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-08

ජනතාවට ආශිර්වාද පතා ජ්වර පිරිත් දේශනාව ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන්

කොරෝනා වසංගතයට මුහුණ පා සිටින සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආශිර්වාද පතා දිවයිනේ සියලු විහාරස්ථානවල පැවැත් වූ ජ්වර පිරිත් දේශනාවේ සමාරම්භය පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වාද්දුව, මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරයේ දී පෙරේදා (06) පැවැත්විණි.

වාද්දුව මොල්ලිගොඩ, ප්‍රවචනෝදය විහාරාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් මෙය සංවිධාන කර තිබුණි.

ඉතිහාසය පුරා රට ව්‍යසනයන්ට පත්වූ අවස්ථාවලදී ජ්වර පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කිරීම සිදු විය. ඒ අනුව මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කරන ලද දැනුම් දීම අනුව වැඩසටහන දීප ව්‍යාප්තව සංවිධාන කෙරිණි. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. සිරිසේන මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages