කොළඹ හතර දෙනා ගැන ගැටලුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-06

කොළඹ හතර දෙනා ගැන ගැටලුවක්

ඊයේ(05) දින කොළඹ අවට ප්‍රදේශ 4කින් හමුවූ රෝගීන්ට මෙන්ම මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවටද වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෝදර මියගිය කාන්තාවට මෙන්ම, ජාතික රෝහල හෙදිය, රාජගිරිය සහ කොලොන්නාව ප්‍රදේශයේ හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයන්ට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවයි හමුදාපතිවරයා පවසන්නේ. එහෙත් මිට පෙර කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණි දා පටන් ඉතාමත්ම කෙටි කාලයකින් ආසාදනය වූ අකාරය  සොයාගැනීමට හැකිවූ බවයි ඔහු කියා සිටින්නේ.

“මේ සම්බන්ධව සොයාබැලීම සඳහා ඊයේ දිනයේදී පමණක් අපි ඔවුන් ඇසුරු කළ අය 71 දෙනෙකු නිරෝධායනයට ලක් කරනු ලැබීය. ඊට අමතරව මහනුවර ප්‍රදේශයෙන් පෙරේදා දින තවත් 64 දෙනෙක් නිරෝධායනයට යොමු කෙරිණි…” යි හමුදාපතිවරයා පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙම සී දෙනාද ඇතුළුව ඊයේ දිනය අවසානයේ සොයාගත් සමස්ත නව ආසාදිතයින් ගණන 20කි. ඉන් 15 දෙනෙකුම නාවික හමුදාවේ සාමාජිකයෝ වෙති.

කොළඹ අවට ප්‍රදේශ 4කින් හමුවූ රෝගීන්ට රෝගය වැළදුණු ආකාරය සෙවීමේදී පළමු වරට තමන් ගැටලුවකට පත්ව ඇති බව හමුදාපතිවරයා පවසයි. “ඊයේ මධ්‍යම රාත්‍රිය වනතෙක් සොයාගන්න බැරිවුණා…” යි ඔහු අද(06) මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ හේතුව මත අද (06) දිනයේත් ඒ පිළිබඳව සොයා බැලීම් කරන බව ඔහු ප්‍රකාශ කරයි.

The post කොළඹ හතර දෙනා ගැන ගැටලුවක් appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages