විදෙස් ආධාර නැතිලු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-05

විදෙස් ආධාර නැතිලු

කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍ය ආධාර කිසිවක් මෙරටට ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම හමුවේදී මෙරටට කොරෝනා වෛරස් මර්දනය වෙනුවෙන් විදේශ ආධාර ලැබීම් කිසිවක් ඇත්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ අගමැතිවරයාගෙන් විමසීය. ඒ මිට පෙර අවස්ථා දෙකකදී හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ අමාත්‍ය විමල් විරවංශ විසින් කොරෝනා වෛරස් පැතිරීමට එරෙහිව ක්‍රියා කිරීමට ආධාර ලෙස ‘එක ඩොලරයක්වත්’ ලැබී නැති පවසා තිබියදී වීම විශේෂයකි.

මහින්දානන්ද හිටපු මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් අසා සිටියේ විදේශ ආධාර ලැබීම් හා ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ නිසි තොරතුරක් අවශ්‍ය බවයි.

විදේශ ආධාර සම්බන්ධයෙන් නිවැරැදිව තොරතුරු පැවසීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල වෙතයොමු කළේය.

ලෝක බැංකුව වත්මන් තත්ත්වය හමුවේ අමෙරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයි බවයි. එහෙත් අදාළ මුදල් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි ද ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කෝවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා එම මුදල් හිමි වන බවයි ඔහු කියා සිටියේ. මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල අළුත්ගමගේ හිටපු මන්ත්‍රීවරයාට පිළිතුරු ලෙස පැවසීය.

The post විදෙස් ආධාර නැතිලු appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages