තරමක තද වැසි අදත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

තරමක තද වැසි අදත්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද (22) දිනයේදීත් තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වැසි ද ඇති විය හැකිය.
 
ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන් වේ.
 
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට පවසයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages