නේපාලයේ පළමු ‍කොරෝනා මරණය වාර්තා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

නේපාලයේ පළමු ‍කොරෝනා මරණය වාර්තා වෙයි

නේපාලයේ පළමු කොරොන වයිරස් මරණය ඊයේ සවස වාර්තා වු බව ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කළ 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගිය බව සදහන්වේ.
 
එරට ආසාදිත පුද්ගලයින්ගේ මුළු සංඛ්‍යාව 281කි.
 
කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර් 90 ක් දුරින් පිහිටි සින්දුපල්චොක් දිස්ත්‍රික්කයේ සිට පැමිණි මෙම කාන්තාව මිය යන විට ප්‍රතිකාර සඳහා රෝහලකට යමින් සිට ඇත.
 
නේපාලයේ COVID-19 නිසා සිදුවූ පළමු මරණය මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
මෙම කාන්තාව මැයි 6 වන දින කත්මණ්ඩු රෝහලකදී දරු ප්‍රසූතියක් සිදු කළ අතර දිනකට පසු නැවත සිය දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. උණ සහ ශ්වසන ආබාධ හේතුවෙන් පසුව ඇය ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබා ඇත. ඇගේ තත්වය නරක අතට හැරුණු විට ඇයව වෙනත් රෝහලකට යොමු කර ඇති බව කියැවේ.
 
ඇගේ අලුත උපන් සහ අනෙකුත් පවුලේ සාමාජිකයින් වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.
 
මිලියන 28 ක ජනගහනයක් සිටින නේපාලය මේ වන විට පරීක්ෂණ 100,000 කටත් වඩා අඩු ප්‍රමාණයක් පවත්වා තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages