විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ දීමනාව අඛණ්ඩව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ දීමනාව අඛණ්ඩව

(බුද්ධිකා ඉඹුලාන,නුවන් කොඩිකාර)
 
මේ දිනවල විශ්ව විද්‍යාල වසා තිබීම නිසා නිවෙසට වී සිටියද විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ දීමනාව රජය අඛණ්ඩව ලබා දෙන බව  තොරතුරු සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය . ,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. 
 
ඒ අනුව පසුගිය මාසයට අදාල මහපොළ දීමනාව ඒ ඒ සිසුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා පවසයි. 
 
 මහපොළ අරමුදල සඳහා මුදල් ලැබෙන්නේ ලොතරැයි පත් අලෙවියෙන් බව පවසන  ඇමැතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය මාසවල රටේ පැවැති තත්ත්වය මත ලොතරැයි අලෙවියක් සිදු නොවූ නිසා මේ සඳහා මුදල් සපයා ගැනීමට නොහැකිවූ බවයි.
 
 එසේ වුවද කෙසේ හෝ මුදල් සපයාගෙන රජය විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ දීමනාව අඛණ්ඩව ලබා දීම සිදු කරනු ඇතැයිද  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages