මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම්

ඉදිකිරීම් නවතා දමා තිබූ ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිත භුමි ප්‍රදේශයේ ස්ථානීය පරික්‍ෂා කිරීමේ චාරිකාවකට අද(17) එක්වෙමිනි. 
 
මෙම ක්‍රීඩාංගණය සදහා අක්කර 26ක භූමි භාගයක් වෙන් කර ඇත. දිවා - රාත්‍රී තරග පැවැත්විය හැකි පරිදි එය නිර්මාණය කරනු ලැබේ. එහි පළමු අදියර යටතේ නරඹන්නන් 40,000කට ආසන පහසුකම් සහිතවත් දෙවන අදියර යටතේ තවත් ආසන 20,000ක් එක් කරමින් ආසන 60,000කින් යුතුව නරඹන්නන් සහා අවශ්‍ය සියලු පහසුකම්වලින් යුක්තව මෙම ක්‍රීඩාංගණය ඉදිකරනු ලැබේ. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages