නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-06

නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් ඇරඹේ

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් අද (06) රත්මලාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය. 
 
විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු ආරම්භ කරන ලද අතර අද දින එම පරීක්ෂණ ධාවන කටයුතු රත්මලාන සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා සිදු විය.
 
මේ අන්දමින් ඉතිරි දුම්රිය බලවේග කට්ටවල ද පරීක්ෂණ ධාවන මෙහෙයුම් ආරම්භ කෙරෙන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට ප්‍රවාහණ සේවා නවත්වා ඇතත්, රජය විසින් පොදු ප්‍රවාහණ සේවා ආරම්බ කළ පසු දැනට ආනයනය කර තිබෙන බලවේග කට්ටල 09ම පොදු ප්‍රවාහණ සේවාව සඳහා යොදවන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 
 
මේ වනවිට රුපියල් මිලියන 18000ක වියදමකින් බලවේග කට්ටල 09ක් ආනයනය කර තිබෙන අතර තවත් සුඛෝපභෝගී දුම්රිය කට්ටල දෙකක් ඉදිරි කාලය තුළ මෙරටට ලැබීමට නියමිතය. මෙම දුම්රිය කට්ටල සියල්ලෙහිම වායුසමීකරණය කරන ලද මැදිරි කිහිපයකින් සමන්විත අතර සුඛෝපභෝගී පහසුකම් සහිතය.
 
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා දුම්රිය සේවාව ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බවයි. එමනිසා මහජනතාවගේ ආකර්ශනයට හේතුවිය හැකි අන්දමින් වේගවත් හා පහසුකම්වලින් යුත් දුම්රිය ප්‍රවාහණයට ඒක් කිරීමට පියවර ගෙන තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages