වෙන්නප්පුව බහුදින ධීවර ගැටළු නිරාකරණයට උපදෙස් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

වෙන්නප්පුව බහුදින ධීවර ගැටළු නිරාකරණයට උපදෙස්

(බුද්ධිකා ඉඹුලාන)
 
වෙන්නප්පුව, වෙල්ලමංකර වරාය ගොඩනැගීමේදී බහුදින ධීවරයන් මුහුණ දී ඇති ගැටළු නිරාකරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානනදා මහතා උපදෙස් ලබා දෙයි.
 
බහුදින යාත්‍රා හිමියන්තම යාත්‍රා  මුහුදට දියත් කිරීමේ දී මතුවන ගැටළු රාශීයක් ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට එම සංගමය මගින්  ඉදිරිපත් කිරීමෙන් පසු ඇමැතිවරයා මෙම ඉදිකිරීම් නවත්වා නව සැලසුමක් අනුව එම කටයුතු ඉටු කරන ලෙස අදාල නිලධාරින්ට උපදෙස් දෙන ලදි. එම නව සැලසුම සදහා දැනට ක්‍රියාත්මකව පවතින දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය නිරීක්ෂණය කොට ඒ අනුව වෙල්ලමංකර වරායද සංවර්ධනය කරන ලෙස ඇමැතිවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
 
 සමස්ත ලංකා බහුදින යාත්‍රා  සංගමයේ නිලධාරින්,ධීවර  අමාත්‍යංශයේ අදාල නිළධාරින් සමග ධීවර ඇමැතිවරයා  දික්ඕවිට වරාය පසුගියදා නිරීක්ෂණය කළ අවස්ථාවේදී දේවානන්දා මහතා මෙම උපදෙස් ලබා දී ඇත.
  ඒ අනුව අදාල නිළධාරීන් සමග සාකච්ඡා කොට වෙල්ලමංකර ධීවර වරාය සංවර්ධනය කල යුතු ආකාරයේ සැලස්ම පිළිබද එකගතාවයකට පත් වී ඉදිරියේදී වෙල්ලමංකර ධීවර වරාය සංවර්ධනය කිරීමට අදාල පියවර ගැනීමට මෙහිදී තීරණය විය. මෙහිදී ධීවරයින්ගේ හඩටසවන් න් දී වහාම ක්‍රියාත්මක වී මෙම ධීවර වරායේ සැලසුම් වෙනස් කිරීම පිළිබදව ඇමැතිවරයාට  බහුදින යාත්‍රාහිමියන්ගේ සංගමය බලවත් ලෙස ස්තුතිය පළ කරන ලදි.
 
ඒ අතරම වෙන්නප්පුව හලාවතප්‍රදේශයේ VMS රේඩියෝ මධ්‍යස්ථානය නිසිලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව ධීවරයින්ඇමැතිවරයාට පැමිණිලි කළ අතර මේ පිළිබදව එවෙලේම අදාල නිලධාරීන්ට කතා කළ දේවානන්දා මහතා  එම මධ්‍යස්ථාන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය  කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.
 
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් හා ධීවර අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂප්‍රභාත් රණවීර මහතා ධීවර වරාය සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යනාදන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages