කළු ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශයට ගංවතුර අවදානමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

කළු ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශයට ගංවතුර අවදානමක්

පසුගිය පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එසේම කළු ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශයටද සැලකිය යුතු වර්ෂාපතනයක් පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
මේ  හේතුවෙන්  කළු  ගඟ  සහ  අතු  ගංඟා  වල  ජල  මට්ටම  සැළකිය  යුතු  ලෙස  ඉහළ  නඟිමින් පවතින බව දැනුම් දෙයි.
 
වාරිමාර්ග  දෙපාර්තමේන්තුවේ  ජලවිද්‍යා  අංශයේ  ගණනය  කිරීම්  අනුව  ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සදහන් වේ. 
 
එසේම වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මෙම සුළු ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ද අනතුරු අඟවනු ලැබේ. ඒ අනුව අදාළ ප්‍රදේශ වල ජනතාවට ඉතා කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ඉල්ලා සිටිනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages