ඇඳිරි නීතිය කඩ කරන පාර්ශවයන්ට නීතියෙන් දැඩි පියවර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

ඇඳිරි නීතිය කඩ කරන පාර්ශවයන්ට නීතියෙන් දැඩි පියවර

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
ඔහු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දහසකට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර ඇති බවයි.
 
මේ අතර පොලිස් මූලස්ථානය අද(20) උදෑසන නිවේදනය කරන ලද්දේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා පැනවූ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මාර්තු මස 20වන දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ දී පුද්ගලයින් 60,425දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 16,924කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages