ISIS තර්ජනයක් ගැන හුවමාරුවන වාර්තාව බොරුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

ISIS තර්ජනයක් ගැන හුවමාරුවන වාර්තාව බොරුවක්

අයිසිස් තර්ජනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මෑත කාලයේ සංසරණය වන වාර්තාව විශ්වාසනීය එකක් නොවන බව ආරක්‍ෂක අංශ සදහන් කරයි.
 
රාජ්‍ය ආයතනයක මුද්‍රාව සහිත අදාළ වාර්තාව සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු වුවද ඒ පිළිබඳ අනියත කලබල වීමක් ඇති කර නොගන්නා ලෙස ආරක්‍ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
අදාළ වාර්තාවේ සදහන්ව ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයකට පහරදීමක් ගැන අනතුරු ඇඟවීමකි.
 
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැනි තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සැම විටම අවදියෙන් සිටින බවයි.
 
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවද, එවැනිම ප්‍රකාශයන් සංසරණය වී ඇති නමුත් ඒවා සත්‍ය වාර්තාවන් නොවිනි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages