වත්තල මුහුදේ දිය නෑමට ගිය එකම පවුලේ 04ක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

වත්තල මුහුදේ දිය නෑමට ගිය එකම පවුලේ 04ක් මරුට

වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී එකම පවුලේ තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
 
ඊයේ(20) සවස 03.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. 
 
මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි අයෙකු වන අතර,සෙසු මරණකාරියන් අවුරුදු 16, 20 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. එසේම බරපතල තත්ත්වයේ පසුවන කාන්තාවක් රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබයි. 
 
මියගොස් ඇත්තේ  උස්වැටකෙයියාව, කඳාන සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. මෘත ශරීර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages