කොරෝනා ආසාදිතයින් 1814ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-06

කොරෝනා ආසාදිතයින් 1814ක් දක්වා ඉහළට

අද(06) රාත්‍රී 8.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 912 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
 
මේ අතර අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages