සමාජයේ පීඩිත වූවන්ගෙන් පශ්චාත් කොවිඩ්-19 අවධියේ ණය අය කරන්න එපා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

සමාජයේ පීඩිත වූවන්ගෙන් පශ්චාත් කොවිඩ්-19 අවධියේ ණය අය කරන්න එපා

Author(s): 
ධනුෂ්ක ගොඩකුඹුර

අගමැති ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් ඉල්ලයි

සමාජයේ පීඩිත පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් සලසා දෙන ලෙස ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරු අරලියගහ මන්දිරයේ දී හමුවෙමින් ඉකුත් 26 වැනිදා ඉල්ලීමක් කළේය. සමාජයේ වඩාත් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස වන ළමයින්, වැඩිහිටි ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සහිත පවුල්වලට ආර්ථික අවපාතයෙන් සිදුව ඇති පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එම නියෝජිතවරුන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා රජය සෑම විටම ළමා අයිතීන් හා අවශ්‍යතා ප්‍රමුඛකොට සලකන බව පැවසූ රාජපක්ෂ මහතා, සමාජයේ පීඩිත පුද්ගලයන් වෙනුවෙන් සමාජයීය ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බව ද පැහැදිලි කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීමට කටයුතු කිරීම මඟින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව ද අගමැතිවරයා අවධාරණය කර සිටියේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීමට උත්සාහ ගන්නා රටවලට ණය සහන ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන්ගේ අවධානය මෙහිදී යොමු කෙරිණි. වසංගතයට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම නියෝජිතවරුමෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සිය ප්‍රශංසාව ද පළ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages