අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට 50ක් පිරීම නිමිත්තෙන් විශේෂ තිළිණයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට 50ක් පිරීම නිමිත්තෙන් විශේෂ තිළිණයක්

ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන නව ළමා අධ්‍යාපන ප්‍රකාශන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අරලියගහ මන්දිරයේ දී පසුගිය 26 වැනි දා සිදු කරන ලදී. අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ලේක්හවුස් සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ විශේෂ තිළිණයක් ද මෙහිදී පිරිනමන ලදී. ලේක්හවුස් චිත්‍ර ශිල්පී හර්ෂ ගුණවර්ධන විසින් අඳින ලද අග්‍රාමාත්‍යවරයාගේ සිතුවමක්ද මෙහිදී තිළිණ කෙරිණි. ඡායාරූපයේ වමේ සිට ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණතුංග, සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, අග්‍රාමාත්‍යවරයා, නීති සහ පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ කණිෂ්ක. ජී. විතාරණ මහත්වරු ද මෙහි වෙති. සිත්මිණ (10 සහ 11 ශ්‍රේණි), විදුනැණ (5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය), මුතු අහුර (1, 2, 3, 4 ශ්‍රේණි) සහ අතුරු මිතුරු (පෙර පාසල්) යන නව ළමා අධ්‍යාපන ප්‍රකාශන ජූලි මස 01 වැනි දා වෙළෙඳපොළට නිකුත් කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages