ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 89 පනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 89 පනියි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 89 ඉක්මවා තිබේ.
 
වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 466,901 අධිකය.
 
එසේම අමෙරිකාවෙන් ඊයේ කොවිඩ් මරණ 573ක් වාර්තා වී තිබුණි. එරට සමස්ත මරණ සංඛ්‍යාව 121,980 කි. එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,330,000 කට අධිකය.
 
මේ අතර ඊයේ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 968 ත් සමගින් බ්‍රසීලයේ සමස්ත මරණ 50,000 ඉක්මවා ගොස් ඇත. 
 
ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 307 ක් වාර්තා වී තිබුණි. එරට මරණ ගණන 13,277 කි.
 
වාර්තා තබමින් ඉන්දියාවේ දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින අතර ගෙවුණු දිනයේදී එරටින් ආසාදිතයන් 15,915 ක් හඳුනා ගැනුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages