ඇඳිරි නීතිය ඉවත් කළත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

ඇඳිරි නීතිය ඉවත් කළත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට මේ දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය මුළුමණින්ම ඉවත් කළ ද වයිරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ‘දිනමිණ’ ට පැවසුවේය.

මෙරට සමාජය තුළ වෛරසය ව්‍යාප්තිය අවම වී තිබුණත් විදේශයන් හි සිට පැමිණෙන පිරිස අතරින් රෝගීන් වාර්තා වීමක් සිදු වන බව ද ඒ මහතා සිහිපත් කළේය. සමස්තයක් ලෙස කොරෝනා රෝගීන් 2,033ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් 1,661ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කළ ද කොරෝනා වයිරසය වළක්වා ගැනීම සඳහා ලබාදී ඇති මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් පිරිසුදුව තබා ගැනීම යනාදී සෞඛ්‍ය ආරක්ෂිත අවවාද නිතරම පිළිපැදීම අනිවාර්ය බව ද ඔහු කියා සිටියේය.

පිටරට සිට පැමිණෙන සියලුදෙනාට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අතර ආසාදිතයන් හඳුනාගත හොත් ඔවුන් අදාළ ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ යැයි ද හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages