කොදෙව් පුහුණුකරු ස්වයං නිරෝධායනයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

කොදෙව් පුහුණුකරු ස්වයං නිරෝධායනයට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතර, එහි ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ස්වයං නිරෝධානයට ලක්ව සිටී.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හී නවාතැන් ගෙන සිටින හෝටලය තුළ සිමන්ස් මෙලෙස නිරෝධානයට ලක් වන්නේ ඔහු පසුගියදා අවමංගල්‍යය අවස්ථාවකට සහභාගි වීම හේතුවෙනි.

අද ආරම්භ වන කොදෙව් කණ්ඩායමේ පළමු පන්තියේ සිව්දින පුහුණු තරගයට එක්වීමේ අවස්ථාව පුහුණුකරුට අහිමි වී තිබේ.

කණ්ඩායමට දැනුම් දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව ඔහු අනිවාර්යයෙන් දින 5ක කාලයක් සෙසු ක්‍රීඩකයන්ගෙන් වෙන්ව සිටිය යුතු අතර, කොරෝනා පරීක්ෂණ දෙකකින් පසු ඔහුට එම වයිරසය ආසාදනය වී නොමැති බවට ද තහවුරු වුවහොත් එළැඹෙන බ්‍රහස්පතින්දා යළි කණ්ඩායම සමඟ එක් වීමේ අවස්ථාව හිමි වෙයි.

මේ හේතුවෙන් දෙවැනි පුහුණු තරගයේදී සහාය පුහුණුකරුවන් වන රොඩි එස්ට්වික් සහ රේයාන් ග්‍රිෆිත්, සිමන්ස්ගේ කාර්ය ඉටු කරනු ඇත.

මේ තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් ඇතුළත් වන අතර, දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ලබන 8 වැනිදා සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages