පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

ජුලි 01 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
 
මේ අතර පාසල් යළි විවෘත කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(16) පැවැත්වේ. 
 
පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසල් සිසු ප්‍රවාහන සේවා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක කළ යුතුය. ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහින්ද අමරවීර හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
 
පාසල් ආරම්භ කිරීමත් සමග කාර්යාල වේලාවන් හා පාසල් ආරම්භ වන වේලාවන් අතර ද දුරස්ථභාවයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. මාර්ග තදබදය අවම කර ගැනීම ද අරමුණක් බැවින් ප්‍රවාහන සේවා අමාත්‍යාංශය මේ වනවිටත් වැඩපිළිවෙළ කිහිපයක් ආරම්භකර ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages