ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

 ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි.
 
එතුමන් මාස කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (16) අළුයම ස්වර්ගස්ථ වී තිබේ.
 
ස්වර්ගස්ත වන විට එතුමන් 89 වන වියේ පසු විය.
 
ලේඛකයෙකු මෙන්ම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට සුවිශේෂී මෙහෙයක් සිදුකළ බවට සැලකේ. උන්වන්සේ  ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දැරීය.
 
1970 වසරේ මෙරටට සැපැත්වුණ හය වන පාවුළු පාප් වහන්සේ සංචාරය නිමිති කොට එවකට පැවැති රජය මගින් ග‍්‍රන්ථයක් පළ කළ අතර එහි වගකීම පැවරුණේ පෝරුතොට පියතුමන්ටය. 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages