ෆ්ලොරිඩා ටෙක්සාස්වල කොරෝනා පැතිරීම ‍ෙව්්ගවත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

ෆ්ලොරිඩා ටෙක්සාස්වල කොරෝනා පැතිරීම ‍ෙව්්ගවත්

අමෙරිකාවේ ආසාදිතයන් ගණන මිලියන 2.5 සීමාව පනී

ව්‍යාපාර කටයුතු යළි අත්හිටුවයි

රටම බරපතළ තත්ත්වයක

රජයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි

අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ සහ ටෙක්සාස්වල කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහළ යෑම නිසා අමෙරිකාව ආසාදිතයන් මිලියන 2.5ක සීමාව ඉක්මවා ගොස් තිබේ.

එරට දකුණු ප්‍රදේශයේ ප්‍රාන්තවල ව්‍යාපාර විවෘත කිරීමට ඉඩ ලබා දී තිබිණි. ෆ්ලොරිඩාවේ අලුතෙන් රෝගීන් 9,500ක් වාර්තා වී ඇති අතර සිකුරාදා රෝගීන් 9,000ක් වාර්තා වී තිබිණි. මේ නව තත්ත්වය නිසා ව්‍යාපාර කටයුතු නැවත අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ. එරට ආණ්ඩුවේ ප්‍රධානතම සෞඛ්‍ය සම්බන්ධ උපදේශකයකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි මේ ගැන අදහස් දක්වමින් රට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන බව කීවේය.

වෙනත් කිසිම රටකට වඩා කොරෝනා ආසාදිතයන් සිටින අමෙරිකාවේ මේ රෝගය නිසා 125,000ක් මියගොස් තිබේ. ධවල මන්දිරයේ දී අදහස් පළ කළ ෆවුසි පෙන්වා දෙන්නේ විවෘත කිරීම් තරමක් කලින් සිදු කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවයි. අනිත් අතට මහජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි නොපිළිපැදීම ද මෙයට තවත් හේතුවක් යැයි ද ඔහු වැඩිදුරටත් කියයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages