ජර්මන් සහ යුරෝපා සංගම් තානාපතිවරු නැගෙනහිර ආණ්ඩුකාරවරිය හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-24

ජර්මන් සහ යුරෝපා සංගම් තානාපතිවරු නැගෙනහිර ආණ්ඩුකාරවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rohde , ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී අද(24) පෙරවරුවේ පැවැත්විණි. 
 
එහිදී විශේෂ අවධානය යොමු වුයේ නව රජය පත්වීමෙන් පසුව නැගෙනහිර පළාතේ සිදුව ඇති වෙනස්කම් සම්බන්ධවයි.
 
අධ‍්‍යාපන ක්ෂේත්‍රයට නව රජය ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ආණ්ඩුකාරවරිය මෙහිදි තානාපතිවරුන් හමුවේ පැවසුවාය. ඊට අමතරව කෘෂිකර්මාන්තය දියුණු කිරිම සඳහාත් කෘෂිකාර්මික කටයුතු වලට කාබනික පොහොර යෙදවීමට ගොවීන් උනන්දු කිරීම සඳහාත් දැඩි වෙහෙසක් ගන්නා බවද ආණ්ඩුකාරවරිය කීවාය.
 
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය උපයෝගී කරගනිමින් නව සංචාරක කලාප ඇති කිරිමට කටයුතු යොදන ලෙසත් තානාපතිවරු දෙදෙනා ආණ්ඩුකාරවරිය හමුවේ පැවසුහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages