අද ප්‍රදේශ රැසකට වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

අද ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.
 
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
 
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැයට කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages