මීගමුව බන්ධනාගාරයේ වූ අක්‍රමිකතා නිසා හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

මීගමුව බන්ධනාගාරයේ වූ අක්‍රමිකතා නිසා හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම්

මීගමුව බන්ධනාගාරයේ පසුගිය කාලයේ සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් පසු අධිකරණ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් පසුගියදා සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරිවල තිබී ශීතකරණ, මයික්‍රොවේව් උඳුන්, විදුලිපංකා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැණිනි.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ඇරඹූ අතර එහිදී අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා ලෙස මාරු කර යවන ලදි.

කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණ ද ඔහු කළුතර බන්ධනාගාරයට රාජකාරිය සඳහා වාර්තා නොකොට අසනීප නිවාඩු දමා තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages