ඔස්කාර් සිනමා සම්මාන උළෙල කල්යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

ඔස්කාර් සිනමා සම්මාන උළෙල කල්යයි

2021 වසරේ සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල එම අවුරුද්දේ අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇත.
 
එය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන පෙබරවාරි මාසයේ 28වනදාය. කෙසේ නමුත් කොරෝනා වසංගතය හමුවේ උද්ගත වී ඇති වාතාවරණය නිසා ඔස්කාර් සංවිධායකයින් අප්‍රේල් 25වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. 
 
ඔස්කාර් සම්මානය මීට පෙර තුන් වතාවක් කල් දමා ඇත. ඒ 1938 දී ලොස් ඇන්ජලීස් හී ඇතිවූ ගංවතුර හේතුවෙන්, 1968 දී ආචාර්ය මාටින් ලූතර් කිං ජේ.  හා 1981 දී ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ඝාතන සිද්ධීන් හේතුවෙනි. 
 
ලබන වසරේ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙල ද (බැෆ්ටාස්) ඔස්කාර් සම්මාන උළෙලට සමගාමීව අප්‍රේල් 11 දක්වා ප්‍රමාද කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages