කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

ඊයේ (16) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1905 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ ඊයේ (15) දිනයේ නව රෝගීන් 16 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් හය දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
කුවේට්හි සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට, බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකුට සහ ලාහෝර් සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට හඳුනාගෙන තිබේ.
 
ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ දිනයේදි කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
මේ වන විට රෝහල්ගත රෝගීන් 552දෙනෙකු ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1342කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages