කොරෝනා මදිවාට දිල්ලියේ ගුර්ගාඔන්හි පළඟැටි උවදුරක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

කොරෝනා මදිවාට දිල්ලියේ ගුර්ගාඔන්හි පළඟැටි උවදුරක්

ඉන්දියාවේ දිල්ලි අගනුවරට සමීප අර්ධ නාගරික ප්‍රදේශයක් වන ගුර්ගාඔන් වෙත විනාශකාරී පළඟැටි ආක්‍රමණය පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

ගුරුග්‍රාම් ලෙස ද හඳුන්වන මේ ප්‍රදේශයට මේ ආකාරයෙන් පළඟැටි උවදුර බලපෑවේ ප්‍රථම වතාවට බව වාර්තාකරුවෝ පවසති. මේ සිද්ධිය නිසා පැමිණ ඇති පළඟැටියන්ගෙන් නගරයේ ගොඩනැඟිලිවල වහල සහ වාහන මතුපිට උන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.

මෙවර සිදු වූ පළඟැටි ආක්‍රමණය දශක ගණනාවකින් ඉන්දියාවට බලපෑ විශාලතම උවදුරක් වන අතර, මේ සතුන් අප්‍රිකානු ප්‍රදේශවලින් පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි. මේ නිසා ප්‍රාන්ත කිහිපයකම විශාළ වශයෙන් අස්වනු හානි සිදු වී තිබේ. නගරයේ දකුණු සහ බටහිර ප්‍රදේශවල සිටින දිස්ත්‍රික් බලධාරීන්ට මේ ගැන අවධානයෙන් සිටින ලෙස දිල්ලි පරිසර ඇමැති ගෝපාල් රායි දැනුම් දී තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages