සහරාන් සමඟ අපට කිසිම සම්බන්ධයක් නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

සහරාන් සමඟ අපට කිසිම සම්බන්ධයක් නෑ

පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමඟ තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි. මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස තම පක්ෂයට චෝදනා කර සිටින බව හෙතෙම කීවේය.කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනාතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හකීම් මහතා සඳහන් කළේය.

මෙවැනි බොරු චෝදනා එල්ල කරන කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවකු දැන නොසිටි බව පැවසූ ඒ මහතා දිගින් දිගටම මෙවැනි ප්‍රචාර තුළින් මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ද පැවසීය.

මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවකට පවා ‘ පිහියක්‘ නොමැති වූ බවත් මේ කතාව පවා පළ කරමින් චෝදනා කළ ද කිසි විටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද ඒ මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages