ඇෆ්ගන් ක්‍රිකට් පුහුණුවීම් ඇරැඹීමට සාකච්ඡා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-04

ඇෆ්ගන් ක්‍රිකට් පුහුණුවීම් ඇරැඹීමට සාකච්ඡා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවට අනුකූලව මේ මාසයේ සිට පුහුණුවිම් ආරම්භ කිරීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාන්ස් ක්ලූස්නර් සහ නායක අස්ගර් අෆ්ගන් සමග සාකච්ඡා පවත්වමින් සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ඇෆ්ගනිස්තාන රජයේ ද උපදෙස් අනුව එරට අගනුවර වන කාබුල් නගරයේදී පුහුණුවීම් ආරම්භ කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

ප්‍රධාන පුහුණුකරු ක්ලූස්නර් සහ ක්‍රිකට් තේරීම් ප්‍රධානී ඇන්ඩි මෝල්ස් සහ නායක අස්ගර් අෆ්ගන් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පුහුණුවීම් නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදය සකස් කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගන් ක්‍රිකට් බලධාරිහු පවසති.

නොවැම්බර් මාසයේදී ඇෆ්ගනිස්තාන පිල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී දෙපිල අතර ටෙස්ට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරගය නොවැම්බර් මාසයේ 21 වැනිදා පර්ත් නුවරදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages