මැරඩෝනාගේ පුහුණුකරු කාලෝස්ටත් කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

මැරඩෝනාගේ පුහුණුකරු කාලෝස්ටත් කොරෝනා

වසර 1986දී පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ඩියාගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජෙන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාලෝස් බිලාර්ඩෝට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කාලෝස්ගේ පවුලේ අය පවසා ඇත්තේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති වුවත් සිදු කරන ලද පරීක්ෂාවකින් අනතුරුව ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

82 හැවිරිදි කාලෝස් මොළයේ ආබාධයකින් පෙළෙන අතර 2018 වසරේ සිට බුවනෝස් අයර්ස්හි සාත්තු නිවාසයක ජීවත්ව සිටී.

1986දී මෙක්සිකෝවේ පැවැති පාපන්දු ලෝක කුසලානය සඳහා ඩියාගෝ මරඩෝනාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පුහුණු කළ ඔහු 1982 සිට 1990 දක්වා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙසද කටයුතු කළේය. 1986 ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයේදී ආජෙන්ටිනාව විසින් එවකට බටහිර ජර්මනිය ගෝල 3-2කින් පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ආර්ජන්ටිනාවේ මරණ 1,200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, වයිරසය ආසාදනය වූවන් 55,000කට අධිකය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages