එල්. බී. ෆිනෑන්ස් සමාගමට වාර්තාගත ලාභයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

එල්. බී. ෆිනෑන්ස් සමාගමට වාර්තාගත ලාභයක්

20 ජුනි, 2020

එල්. බී.ෆිනෑන්ස් සමාගම 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වී තිබේ. ස්ථාවර ආන්තිකයන් සමඟ මෙහෙයුම් වියදම් ක්‍රමවත්ව කළමණාකරනය කරමින්, රු. බිලියන 9.9 ක බදුවලට පෙර ලාභයක් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

අදාළ මූල්‍ය වර්ෂය අවසාන වන විට පෙර වසරට සාපේක්ෂව සමාගමේ ආදායම 7% කින් වර්ධනය වී රු. බිලියන 31.2 ක් වූ අතර ඉන් පොලී ආදායම රු. බිලියන 29.2 ක් විය. වසරේ ශුද්ධ පොලී ආදායම වූ රු. බිලියන 15.5, ඊට පෙර වසරට සාපේක්ෂව 8% ක වර්ධනයක් පෙන්නුම් කරයි. සමාගමේ සමස්ත මෙහෙයුම් ආදායමද 8% කින් ඉහළ ගොස් රු. බිලියන 17.6 ක් බවට පත්වී තිබේ.

අභියෝග හමුවේ ගනු ලබන දූරදර්ශී ක්‍රියාමාර්ගයන් ලෙස, 2020 මාර්තු 31 දක්වා වන කාලය සඳහා අක්‍රීය ණය පහසුකම් මත වෙන් කිරීම් ගණනය කිරීමේදී නොපියවූ ණය වාරික ප්‍රමාණය, ඉදිරියේදී ණය පැහැර හැරීමේ සම්භාවිතාව සහ එමඟින් ඇතිවන අලාභය යනාදිය සැලකිල්ලට ගන්නා ලද අතර විශේෂයෙන්ම කොවිඩ්-19 හි බලපෑමද ගණනය කිරීම් සඳහා අන්තර්ගත කර ඇත.මේ අතර, 2019 මාර්තු 31 වන විට රු. බිලියන 136 ක් ව පැවති සමාගමේ වත්කම් එකතුව 2020 මාර්තු 31 වනවිට රු. බිලියන 144 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම වත්කම් වලින් 90% ක්ම ආදායම් උපදවන වත්කම් මෙන්ම ශක්තිමත් සුරැකුම් වලින් සවිමත් කර ඇත.

මූල්‍ය ක්ෂේත්‍රයට මුහුණදීමට සිදුවූ දුෂ්කරතා හමුවේ දී පවා එල්. බී.ෆිනෑන්ස් සමාගම සිය ණය මුදාහැරිම් 5% කින් වර්ධනය කරගෙන ඇත. මෙම මූල්‍ය වර්ෂය අවසාන වන විට එල්. බී.ෆිනෑන්ස් සමාගමේ සමස්ත ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 20.75% ක් වූ අතර එහි අවම නියාමන සීමාව 11% කි. අඛණ්ඩවම ක්ෂේත්‍රයේ අවම අක්‍රීය ණය අනුපාතය පවත්වා ගැනීමට සමත් වී තිබීම සමාගමේ ණය මුදාහැරිම් සංචිතයේ විශිෂ්ටත්වයට සාක්ෂි දරයි. මෙම වසරේදීත් සමාගම අක්‍රීය ණය අනුපාතය 3.93% ක් ලෙස සහ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 0.12% ක් ලෙස පවත්වාගැනීමට සමත් වී ඇත්තේ දැඩි සීමාවන් යටතේ ණය දීම සහ කාර්යක්ෂම ලෙස ණය නැවත අයකර ගැනීම මගිනි.

සුපුරුදු ලෙසම මෙවරත්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් පවත්වනු ලබන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම මූල්‍ය වාර්තාව සඳහා වන රන් සම්මානය දිනාගැනීමට එල්. බී. ෆිනෑන්ස් සමාගම සමත් විය. එමෙන්ම ‘SLIM - Nielsen Peoples Awards 2020’ හිදී එල්. බී. ෆිනෑන්ස් සමාගම ‘වසරේ ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා’ ලෙස ඇගයීමට පාත්‍ර විය“අපගේ ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් අබිබවා යමින් සෑම වසරකදීම ලාබදායීත්වය වර්ධනය කරගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙම වසරේදීත්, අනපේක්ෂිත බරපතළ බාහිර අභියෝග හමුවේ පවා, එල්. බී.ෆිනෑන්ස් සමාගම සිය ශක්තිය, කළමනාකරණ කුසලතා සහ තිරසාර වර්ධන මාවතක ගමන් කිරීමේ හැකියාව යනාදිය මැනැවින් ප්‍රදර්ශනය කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය වැනි බාහිර බාධක පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ. එහෙත් විචක්‍ෂණශිලි ක්‍රමවේද භාවිත කිරීම, පාරිභෝගික අවශ්‍යතා කල්තබා හඳුනා ගැනීම සහ තරගකාරීත්වය මැද තිරසාර ලෙස ඉදිරියට යාම සඳහා ඇති අවස්ථාවන් හඹා යාම යනාදිය නිසා අපට සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ශක්තිමත් ව්‍යාපාරික සැලැස්මක් සමගින් කාලෝචිත ව්‍යාපාරික ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීම ඔස්සේ අප දැනටමත් අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් යොදා ඇති බව කියන්නට පුළුවන්.” එල්. බී.ෆිනෑන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා පැවසී ය.

මෙම මූල්‍ය වර්ෂය අවසාන වන විට එල්. බී.ෆිනෑන්ස් සමාගමේ සමස්ත ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 20.75% ක් වූ අතර එහි අවම නියාමන සීමාව 11% කි. අඛණ්ඩවම ක්ෂේත්‍රයේ අවම අක්‍රීය ණය අනුපාතය පවත්වා ගැනීමට සමත් වී තිබීම සමාගමේ ණය මුදාහැරිම් සංචිතයේ විශිෂ්ටත්වයට සාක්ෂි දරයි. මෙම වසරේදීත් සමාගම අක්‍රීය ණය අනුපාතය 3.93% ක් ලෙස සහ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 0.12% ක් ලෙස පවත්වාගැනීමට සමත් වී ඇත්තේ දැඩි සීමාවන් යටතේ ණය දීම සහ කාර්යක්ෂම ලෙස ණය නැවත අයකර ගැනීම මගිනි.

සුපුරුදු ලෙසම මෙවරත්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් පවත්වනු ලබන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී,වසරේ විශිෂ්ටතම මූල්‍ය වාර්තාව සඳහා වන රන් සම්මානය දිනාගැනීමට එල්. බී. ෆිනෑන්ස් සමාගම සමත් විය. එමෙන්ම ‘SLIM - Nielsen Peoples Awards 2020’හිදී එල්. බී. ෆිනෑන්ස් සමාගම ‘වසරේ ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා’ ලෙස ඇගයීමට පාත්‍ර විය.

මේ අතර, එල්. බී. ෆිනෑන්ස් මඟින් ප්‍රථම වරට විදේශයකදී විවෘත කරන ලද සමාගම ‘LB Micro Finance Myanmar’ සමාගම, එය ආරම්භ කර වසර 3 ක් ගතවීමටද පෙර ලාබ උපයමින් සිටී. මීට අමතරව එල්. බී. ෆිනෑන්ස් සමාගම වඩාත් පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිටින නිසා, පාරිභෝගික පහසුව අතින් මෙරට මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම සමාගමක් ලෙස ඇගයීමට ලක්වීමට ඊට හැකිවී තිබේ.

කොටස් සඳහා ඉහළ ප්‍රතිලාභ ලැබීම, ක්ෂේත්‍රයේ සමස්ත මට්ටමට වඩා ඉහළ වත්කම් තත්ත්වයක් පවත්වා ගැනීමට හැකිවීම සහ සාර්ථක ප්‍රාග්ධනීකරණය වැනි සාධක නිසා Fitch Ratings වෙතින්‘A-

credit rating with a Stable outlook’ ලෙස ශ්‍රේණිගත වීමටද එල්. බී.ෆිනෑන්ස් සමාගම සමත් වී ඇත. ප්‍රධාන අංශ සියල්ලේදීම ස්ථාවරත්වය හා විශිෂ්ටත්වය පෙන්නුම් කිරීම නිසා 2015 සිටම A- ශ්‍රේණිය පවත්වා ගැනීමට සමාගම සමත් වී තිබේ.‘Stable outlook’ යන්නෙන් අදහස් වනුයේ ගෙවීම් පැහැර හැරීම් අවදානම අවම බව සහ මූල්‍ය වගකීම් පියවීම සඳහා පැහැදිලි හැකියාවක් පවතින බවයි.

1971 වසරේදී ආරම්භ වූ එල්. බී. ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී මූල්‍ය ආයතනයක් ලෙස විශාල කීර්තියක් දිනා තිබේ. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන එල්. බී. ෆිනෑන්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වී ඇත. මේ වනවිට කල් බදු සේවා (ලීසිං), ෆැක්ටරින්, හයර් පර්චස්, රන් ණය, නිවාස ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ක්ෂුද්‍ර මූල්‍ය සේවා, විදේශ මුදල් හුවමාරු සේවා සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සේවා වැනි සේවා රාශියක් පිරිනමන එම සමාගම, දිවයින පුරා විසිරුණු ශාඛා හා රන් ණය මධ්‍යස්ථාන ජාලයක් ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට විශිෂ්ට තලයේ සේවාවක් සලසමින් සිටී.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages